නම: නද***� | වයස: 24
ගැටළුව

සර්. මං විවාහ වී අවු. 2 ක් වෙනවා. විවාහයට මාස 6 කට පමණ පෙර සිට මට ඔසප් වීම නතර වුනා .එතෙක් හරි දිනට සිද්ධ වුනා මාස 6 ක් පමණ මං කිසිම බෙහෙතක් ගත්තෙ නැ. විවාහයෙන් පස්සෙ මං විශේෂඥ වෛද්‍ය වරයකුගෙන් බෙහෙත් ලබා ගත්තා . ඹහු කිවිවෙ දිගින් දිගට බෙහෙත් බොන්න කියලා; ( primolut N දිනකට එක බැඟින් දින 7 ) ඇත්තටම මෙහෙම හැම මාසෙකම බිවුවම ඹසප් වෙනවා. නමුත් දිගින් දිගටම බොන්න හොද නැතුව ඇති කියලා හිතලා මං ගොඩක් වෛද්‍ය වරු ලගට ගියා. සමහරු කියනවා හෝමෝන ප්‍රශ්නයක් කියලා. කොච්චර බෙහෙත් බීව්වත් මේක හොඳවෙන් නෑ. සිංහල බෙහෙත් ගත්තම කියනවා ඇගේ උෂ්ණ බව වැඩී කියලා . ඒ බෙහෙත් බීව්වත් මේක හොඳවෙන් නෑ . අන්තිම විසදුම වශයෙන් මං කරන්නෙ primolut N ගන්න එකමයි. සර් මං දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නව . උත්සාහ කලත් හරියන් නෑ. මං දැන් එක දිගට මාස 3 ක් primolut N ලබා ගත්තා දරැවෙක් බලාපොරොත්තුවෙන් . මේ අවස්ථාවත් හරි නොගියොත් මං මොකක්ද කරන්න ඹින.

පිළිතුර


මේ මගින් ඔසප් වීම සිදුවුවත් ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම නියමිත ලෙස සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය නම් මීට වඩා වෙනස් ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)