පෙති ගත්තහම විතරක් ඔසප් වෙනවා නම් ගැබ් ගන්න පුළුවන්ද?
Periods come only with tablets — can you still conceive?
සර්. මං විවාහ වී අවු. 2 ක් වෙනවා. විවාහයට මාස 6 කට පමණ පෙර සිට මට ඔසප් වීම නතර වුනා .එතෙක් හරි දිනට සිද්ධ වුනා මාස 6 ක් පමණ මං කිසිම බෙහෙතක් ගත්තෙ නැ. විවාහයෙන් පස්සෙ මං විශේෂඥ වෛද්‍ය වරයකුගෙන් බෙහෙත් ලබා ගත්තා . ඹහු කිවිවෙ දිගින් දිගට බෙහෙත් බොන්න කියලා; ( primolut N දිනකට එක බැඟින් දින 7 ) ඇත්තටම මෙහෙම හැම මාසෙකම බිවුවම ඹසප් වෙනවා. නමුත් දිගින් දිගටම බොන්න හොද නැතුව ඇති කියලා හිතලා මං ගොඩක් වෛද්‍ය වරු ලගට ගියා. සමහරු කියනවා හෝමෝන ප්‍රශ්නයක් කියලා. කොච්චර බෙහෙත් බීව්වත් මේක හොඳවෙන් නෑ. සිංහල බෙහෙත් ගත්තම කියනවා ඇගේ උෂ්ණ බව වැඩී කියලා . ඒ බෙහෙත් බීව්වත් මේක හොඳවෙන් නෑ . අන්තිම විසදුම වශයෙන් මං කරන්නෙ primolut N ගන්න එකමයි. සර් මං දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නව . උත්සාහ කලත් හරියන් නෑ. මං දැන් එක දිගට මාස 3 ක් primolut N ලබා ගත්තා දරැවෙක් බලාපොරොත්තුවෙන් . මේ අවස්ථාවත් හරි නොගියොත් මං මොකක්ද කරන්න ඹින.
මේ මගින් ඔසප් වීම සිදුවුවත් ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම නියමිත ලෙස සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය නම් මීට වඩා වෙනස් ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?