මාස 3-4කට වරක් ඔසප් වෙද්දී දරුවෙක් ලබාගන්නේ කොහොමද?
Periods only every 3-4 months — how to get pregnant?
වෛද්‍යතුමනි මාගේ වයස 32 යි.මා විවාහ වී වසර හතරක් උවත් තවමත් දරු සුරතල් බැලීමට හැකියාවක් ලැබී නැත.මා වෛද්‍යවරුන් තිදෙනෙක් වෙත ප්‍රතිකාර සඳහා ගිය අතර ලැපරෝස්කොපි සැත්කමක්ද සිදු කොට ඇත.මාගේ ප්‍රශ්නය වන්නේ මුල සිටම මාගේ මාසික ඔසප් වීම සිදු නොවුණු අතර මාස 3 කට 4 කට වරක් ඔසප් වීම සිදු වීමත්,සැත්කමෙන් පසුවත් එය ක්‍රමවත් නොවීමටත් හේතුව කුමක්ද යන්නයි.ඔසප් වීමේ ගැටලුව හැර වෙනත් ගැටළුවක් අප දෙදෙනාගේම නොමැති බව වෛද්‍යවරුන් පැවසූ අතර මෙය ක්‍රමවත් කරගත හැකිද? එසේනම් ඒ කොහොමද? දරුවන් ලබා ගැනීමට උපදෙස් ඔබතුමාගෙන් කාරුණිකව පතමි.ස්තුතිය්
ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ලබා ගැනීම මගින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි. සමහරවිට මේ සඳහා නික්ෂේපන ඖෂධ අවශ්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?