Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍ය තුමනි.මම කලින් එවන ලද පුශ්ණ වලට පිළිතුරැ ලැබුණා.එයට ඔබ තුමාට ගොඩක් පිං.ඩොක්ට.1.මට මෙන්සස් නැවතුන නිසා මම යුරියා එකක් බැලුවා එක (_) වුණා.පසුව සතියයි දවස් 2 පසුව බැලුවා එකෙ ලයින් 2ම පෙනුනා නමුත් තද පාටින් එක ලයින් එක පෙනුනා අනෙක් ලයින් එක සාමාන්‍ය පාටින් තිබුණා ඒ කියන්නෙ පොසිටිව් කියන ඒකද? 2.මට මෙන්සස් නැති නිසා ඩොක්ට ලගට ගියාම මැෆෙනමික් ඇසිඩි ටැබිලටී එක දුන්නා.එක මොනවටද දෙන්නෙ ඩොක්ට.3.අද මට මෙන්සස් හැදුනා මුලින් පොඩිඩක් වගේ ගියා පසුව ලොකු බඩෙ කැක්කුමක් එක්ක ලොකු කැල්ලක් ගියා.ඒ කියන්නෙ මම ගැබි ගෙනද තිබිලා තියෙන්නේ.නැත්නම් ඒ සැටිද? ස්තුතියි ඩොක්ටර්.

අසන ලද්දේ: චත*** · වයස 31 · 994 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂණයේදී ඉරි දෙකම එක ලෙස තද පාටින් තිබුණි නම් පමණයි පොසිටිව් ලෙස සලකන්නේ. ඔසප්වීමේදී ඇතිවෙන වේදනාව සහ රුධිර වහනය අඩු කිරීමටයි ඔබ සඳහන් කල ඖෂධය ලබා දෙන්නේ. මෙය ගබ්සාවක් විය නොහැකියි.