නම: කු***� | වයස: 31
ගැටළුව

සති 37 මවක් වන මා ජනවාරි 5 දින සිසේරියන් සැත්කමකින් ප්‍රසූතිය ට සූදානම් ..වෙදැදුරාණනි ..මාගේ වැඩිමහල් දුවට වසර 5යි..ලැබෙන දරුවාද දියණිය ක බව ස්කෑන් පරීක්ෂණයෙන් දන්නා නිසා තව වරක් ගැබ් ගැනීමට කැමතියි.මා ගුරු වෘත්තියේ නියැලෙන අතර සැමියාට වයස 35,මට 31.පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස සීසර් සැත්කමේදීම ලූප් එකක් යෙදිය හැකිද....එය පසුව කල හැකිද.

පිළිතුර


දරු ප්‍රසූතියෙන් සති 6කට පමණ පසු වෙන තෙක් ගැබ් ගැනීමක් සිදුවිය නොහැකි නිසා පවුල් සැලසුම් ක්‍රමය අවශ්‍ය නම් පසුව තීරණය කල හැකියි. සිසේරියන් සැත්කම කරන අවස්ථාවේ ලූපයක් ඇතුළු කිරීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)