Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සති 37 මවක් වන මා ජනවාරි 5 දින සිසේරියන් සැත්කමකින් ප්‍රසූතිය ට සූදානම් ..වෙදැදුරාණනි ..මාගේ වැඩිමහල් දුවට වසර 5යි..ලැබෙන දරුවාද දියණිය ක බව ස්කෑන් පරීක්ෂණයෙන් දන්නා නිසා තව වරක් ගැබ් ගැනීමට කැමතියි.මා ගුරු වෘත්තියේ නියැලෙන අතර සැමියාට වයස 35,මට 31.පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස සීසර් සැත්කමේදීම ලූප් එකක් යෙදිය හැකිද....එය පසුව කල හැකිද.

අසන ලද්දේ: කු*** · වයස 31 · 538 views

පිළිතුර

දරු ප්‍රසූතියෙන් සති 6කට පමණ පසු වෙන තෙක් ගැබ් ගැනීමක් සිදුවිය නොහැකි නිසා පවුල් සැලසුම් ක්‍රමය අවශ්‍ය නම් පසුව තීරණය කල හැකියි. සිසේරියන් සැත්කම කරන අවස්ථාවේ ලූපයක් ඇතුළු කිරීමට හැකියාව තිබෙනව.