ප්‍රශ්නය
මා දැනට දෙවන දරු උපතට සුදානම් වන සති 33ක ගැබිනියක්.. මාස 4 1/2 සිට දරුවාගේ දැගලීම දැනුන අතර දරුවා නිතර නිතර දගලන බව දැනෙනවා. මා සාමාන්‍ය කෙට්ටු ශරිරයක් හිමි කාන්තාවක් වන අතර පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන බැවින් වැඩි වේලාවක් පුටුවක හිදගෙන සිටිනවා. බර නිසි පරිදි වැඩි වන අතර මාගේ ගැටලුව දරුවා නිතර නිතර දගලන්නේ අපහසුතාවයක් නිසාද යන්න සහ මාගේ හිමෝග්ලෝබින් මට්ටම 10.3ක් වීම නිසි මට්ටම දක්වා වැඩි කරගන්නේ කෙසේද යන්නයි
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. දරුවාගේ රෝග තත්වයක් නොවෙයි. ගර්භණී කාලයේ හිමෝග්ලොබින් මට්ටම තරමක් අඩුවී පසුව සාමාන්‍ය මට්ටමට පැමිනෙණව. ඒ සඳහා යකඩ පෙති ගැනීම වෛද්‍ය උපදෙස් අනුව කල හැකියි.