Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doc මම january 2016 marry කලේ. මම birth control මොනවත් use කලේ නැහැ. ඒත් මගෙ periods regular නැහැ. June වල මම ඒකට treatment පටන් ගත්‍තා. ඒ අතර doc මාව scan කරල කිවා මගෙ ඩිම්බ මෝරන්නේ නැහැ කියලා. September ඉදලා මේ වනතුරු periods regular. ඩිම්බ මෝරන්න කියලා doc මට tablet එකක් දුන්නා. Perfertil. Periods වෙලා දෙවෙනි දවසෙ ඉඩන් බොන්න කිවා. මුල් මාස දෙකේ (September & October) එක ඩිම්බයක් තියෙනවා කිවා. November scan එකෙන් ඩිම්බ දෙකක් තියෙනවා කිවා. මේ මාසෙ බබෙක් හරි ගියෙ නැත්තම් laparoscopy test එක කරමු කිවා. Doc මට දැනගන්න ඕනෙ මගෙ periods regular වෙලා තවම මාස දෙකයි. 1. Periods regular වෙලා ටික කාලයක් (මාස 4ක් විතර) යනව බබෙක් හැදෙන්න කියන්නෙ ඇත්තද? 2. මේ මාසෙ බබෙක් නැත්තම් laparoscopy test එක කරන්න ඕනෙද? 3. නැත්තම් මම තව ටික කාලයක් බලන්න ඕනේද? 4. Laparoscopy test එක කරනවනම් periods වෙලා දවස් කීයකින් මම doc meet වෙන්න යන්න ඕනෙද? 5. Private කරනවනම් Test එකට යන වියදම කොහොම වෙයිද?

අසන ලද්දේ: ශා*** · වයස 28 · 647 views

පිළිතුර

1. නැහැ. ඩිම්බ පිටවෙන ඕනෑම අවස්තාවක ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. 2/3. අනිවාර්ය නැහැ. 4. ඔසප්වීමෙන් පසු මුල් දින 7 තුල මෙය සිදු කිරීම වඩාත් සුදුසුයි. 5. එය ඔබ තෝරා ගන්නා රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.