නම: sa*** | වයස: 30
ගැටළුව

මීට පෙර ලබාදුන් පිලිතුරට බොහොම ස්තුති... මගේ බිරිදගේ ඩිම්බ පිට නොවීම නිසා බෙහෙත් ලබා ගත්තද පිට වීමක් සිදුවන්නෙ නෑ...ඩොක්ටර් කීවා ලැපරස්කොපි පරීක්ෂණය කරන්න කියලා එමගින් කුමක්ද සිදුවන්නෙ...වෙන කාන්තාවකගේ ඩිම්බ ලබාගෙන තැම්පත් කිරීමක් කරන්නට සිදුවුනහොත් රජයේ රෝහල් වල එය කල හැකිද... පෞද්ගලික රෝහලක ඒ සදහා කොපමණ මුදලක් දැරීමට සිදුවේද......

පිළිතුර


ඩිම්බ පිටනොවීම සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. වෙනත් කාන්තාවකගේ ඩිම්බ ලබා ගැනීමට අවශ්‍ය නැහැ. එසේ අවශ්‍ය නම් රජයේ රෝහල් වල ඒ සඳහා පහසුකම් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)