Vageston පෙත්ත දෙන්නේ මොනවටද? දිගටම ගන්න සුදුසුද?
What is Vageston given for, and should it be continued?
ane plz doctor mata danaganna oni vageston kiyana tablet eka denne monawatada.. mn pregnant wela sathi 4 di vitara bleed wenna avt vog doctor kenek dunna.dan babage heart beat wada kranwa kiwwa.tawaduratat tablet eka bonna sudusuda... plz help me
Vageston (Dydrogesterone) වල අඩංගු වෙන්නේ Progesterone කියන හෝමෝනය. මෙය ගර්භණී සමයේ මුල් සති කිහිපය තුල නිපදවෙන්නේ ඩිම්බ කෝෂ වල Corpus Luteum කියන කොටස මගින්. Progesterone මගින් ගර්භාෂය තුල දරුගැබ පවත්වා ගැනීමට සුදුසු පරිසරයක් ඇති කරනව.
සමහර අවස්තාවල corpus luleum මගින් නිපදවන progesterone හෝමෝන ප්‍රමාණය අඩු වීම නිසා ගබ්සාවන් ඇති වෙනව. එවැනි ගබ්සාවක් වලක්වා ගැනීමට Dydrogesterone tablets ගැනීම උපකාරී වෙනව. ඔබට මෙම ඖෂධය නියම කර ඇත්තේ එවැනි තත්වයක් වලක්වා ගන්න. නමුත් මෙය එතරම් සුලබ තත්වයක් නොවෙයි. කෙසේ වෙතත් සති 10කට පසු වැදෑමහ මගින් ප්‍රමානවත් ලෙස මෙම හෝමෝනය නිපදවන නිසා පිටතින් ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?