සැත්කම් නොකර එන්ඩොමෙට්‍රියෝසිස් පාලනය කරන්න පුළුවන්ද?
Must endometriosis be operated on every time it returns?
වෛද්‍ය තුමනි, මගේ සොයුරියට මෙම රෝගී තත්වය තිබෙන බව නාරිවේද වෛද්‍ය වරයෙකු විසින් පරීක්ෂණ මගින් පවසා ඒ සදහා ලැපරොස්කොපි ශල්‍ය කර්මයක් සිදුකලා. ඉන් පසු ඒ සදහා හෝමෝන භාවිතා කර එය නවතා සාමාන්‍ය ලෙස ඔසප් වීමට ඇර පසුව IUI එකක් කලා. ඉන් පසු ඇය ඉතාමත් අසාධ්‍ය ලෙස උදරය කැක්කුමක් සෑදුනා. ඉන් පසු නැවත එම නාරිවේද වෛද්‍ය වරයා ස්කෑන් කර නැවතත් එම පෙරකී රෝගී තත්වය ඇති විඇති නිසා නැවත ලැපරොස්කොපි ශල්‍ය කර්මය කලයුතු බව ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස ඔසප් වීම සිදුවන සෑම වාරයක් පාසාම එසේ ශල්‍ය කර්මය කලයුතු වේවිද, මෙයට වෙනත් විසදුමක් නැතිද?
ඔබ සඳහන් කරන්නේ කුමන රෝග තත්වයක්ද යන්න පැහැදිලි නැහැ. එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය මෙසේ නැවත නැවත ඇතිවිය හැකිය. එවිට ශල්‍යකර්මයකින් පසු IUI කිරීමට පෙර නික්ෂේපන ඖෂධ මගින් රෝගය පාලය කිරීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?