නම: කා***� | වයස: 39
ගැටළුව

වෛද්‍ය තුමනි, මගේ සොයුරියට මෙම රෝගී තත්වය තිබෙන බව නාරිවේද වෛද්‍ය වරයෙකු විසින් පරීක්ෂණ මගින් පවසා ඒ සදහා ලැපරොස්කොපි ශල්‍ය කර්මයක් සිදුකලා. ඉන් පසු ඒ සදහා හෝමෝන භාවිතා කර එය නවතා සාමාන්‍ය ලෙස ඔසප් වීමට ඇර පසුව IUI එකක් කලා. ඉන් පසු ඇය ඉතාමත් අසාධ්‍ය ලෙස උදරය කැක්කුමක් සෑදුනා. ඉන් පසු නැවත එම නාරිවේද වෛද්‍ය වරයා ස්කෑන් කර නැවතත් එම පෙරකී රෝගී තත්වය ඇති විඇති නිසා නැවත ලැපරොස්කොපි ශල්‍ය කර්මය කලයුතු බව ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස ඔසප් වීම සිදුවන සෑම වාරයක් පාසාම එසේ ශල්‍ය කර්මය කලයුතු වේවිද, මෙයට වෙනත් විසදුමක් නැතිද?

පිළිතුර


ඔබ සඳහන් කරන්නේ කුමන රෝග තත්වයක්ද යන්න පැහැදිලි නැහැ. එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය මෙසේ නැවත නැවත ඇතිවිය හැකිය. එවිට ශල්‍යකර්මයකින් පසු IUI කිරීමට පෙර නික්ෂේපන ඖෂධ මගින් රෝගය පාලය කිරීම වඩාත් සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)