නම: Th*** | වයස: 28
ගැටළුව

Doctor, mata daruwek innawa masa 6k , daruwa labune normal vidiyata. mn husband akka akathu weddi mage yoni pradeshaya burul kiyala aya kiyanawa. me nisa viwahaya bidawetei kiyala bayae. A nisama aya mage Guda margayeta athul karala sathuthu wenawa mata godak ridunath ewasan innawa . me vidiyata sathuthu wena 1 waradie da? anagathe me nisa arbada ati weida? Guda margaya thula Sukkanu pita kireemen Gab ganeemak weida?

පිළිතුර


සාමාන්‍ය දරු ප්‍රසූතියකදී යෝනි මාර්ගය අවට ඇති මාංශපේෂීන් ඇදීමකට සහ ඉරීයාමකට ලක් විය හැකියි. ඉන් පසු එ්වා ශක්තිමත් කරගැනීමට pelvic floor exercises  ලෙස හඳුන්වන විශේෂත් ව්‍යායාම මගින් සිදු කල හැකියි. බොහෝ විව එමගින් මෙම ගැටළුව මග හැරී යාවි. නමුත් කලාතුරකින් එම මාංශ පේෂී වලට දැඩි ලෙස හානිවී තිබුනහොත් එය නැවත යතා තත්වයට පත් කිරීමට සුළු ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ලිංගික එක්වීම දෙදෙනාම සතුටට පත්වන ආකාරයට සිදුවිය යුතුයි. ඒ ගැන සැමියා සමග විවෘතව කතා කර දෙදෙනාට එකඟ විය හැකි පරිදි කටයුතු කරන්න. ගුද මාර්ග සංසර්ගය මගින් ගැබ් ගැනීමට නොහැකියි. නමුත් පිට වන ශුක්‍රණු යම් කිසි ආකාරයකට යෝනි මාර්ගයට ඇතුලුවීමෙන් ගැබ් ගැනීමක් ඇතිවිය හැකි නිසා සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)