නම: ලක***� | වයස: 25
ගැටළුව

ඩොක්ටර් මට නිසි ආකාරව ඔසප් විම සිද්ද වෙන්නෙ නෑ බොහෝ දුරට දින 45 ඇතුලත වගේ..මම විවාහ වෙලා වසරක් වෙනවා. මට අවසාන වතාවට ඔසප් වුනේ ගිය මස (සැප්තැම්බර් පළවෙනි දිනයෙ)යි.මෙි මාසයට ඔසප් විම සිදු වුනේ නෑ .මම HCG එකක් බැලුවා. නමුත් Negative. මම ගැබ්ගෙනනම් එය HCG එක මගින් දැන ගැනිමට හැකිද මේ කාලය තුල

පිළිතුර


ඔසප් වීම පිළිවෙලට සිදු වෙන්නේ නැති නිසා ඔබේ ඩිම්බ පිට වෙන දිනය නිවැරදිව අනුමාන කිරීමට අපහසුයි. ඒ නිසා ගැබ් ගැනීමක් සිදු විය හැකි දිනය සහ මුත්‍රා පරීක්ෂාව පොසිටිව් විය යුතු දිනයත් නිවැරදිව පවසන්න අපහසුයි. සමහර විට මුත්‍රා පරීක්ෂණය ප්‍රමාදවී පොසිටිව් වීමට ඉඩක් තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)