Skip to main content
ප්‍රශ්නය

චක්‍රය දින 45ක් නම් ටෙස්ට් එකෙන් ගැබ් බව දැනගන්න පුළුවන්ද?

With a 45-day cycle, can a test confirm pregnancy on time?

ඩොක්ටර් මට නිසි ආකාරව ඔසප් විම සිද්ද වෙන්නෙ නෑ බොහෝ දුරට දින 45 ඇතුලත වගේ..මම විවාහ වෙලා වසරක් වෙනවා. මට අවසාන වතාවට ඔසප් වුනේ ගිය මස (සැප්තැම්බර් පළවෙනි දිනයෙ)යි.මෙි මාසයට ඔසප් විම සිදු වුනේ නෑ .මම HCG එකක් බැලුවා. නමුත් Negative. මම ගැබ්ගෙනනම් එය HCG එක මගින් දැන ගැනිමට හැකිද මේ කාලය තුල

අසන ලද්දේ: ලක*** · වයස 25

ඔසප් වීම පිළිවෙලට සිදු වෙන්නේ නැති නිසා ඔබේ ඩිම්බ පිට වෙන දිනය නිවැරදිව අනුමාන කිරීමට අපහසුයි. ඒ නිසා ගැබ් ගැනීමක් සිදු විය හැකි දිනය සහ මුත්‍රා පරීක්ෂාව පොසිටිව් විය යුතු දිනයත් නිවැරදිව පවසන්න අපහසුයි. සමහර විට මුත්‍රා පරීක්ෂණය ප්‍රමාදවී පොසිටිව් වීමට ඉඩක් තිබෙනව.