Skip to main content
ප්‍රශ්නය

ලේ වර්ගය O නෙගටිව් නම් මුල් කාලේම පරීක්ෂා වෙන්න ඕනද?

With a negative blood group, is an early check needed?

මම ඕ නෙගටිවි ලේ තිබෙන සති 3 ක අමිමා කෙනෙක් මම දැන්ම වෛද්‍යවරයකු හමුවන්න ඕනද?

අසන ලද්දේ: උද*** · වයස 28

රුධිර ගනය නෙගටිව් වීම දරුවාට බලපාන්නේ දරුවාගේ රුධිර ගනය පොසිටිව් නම් පමණයි. මෙය විය හැක්කේ ඔබේ සැමියාගේ රුධිර ගනය පොසිටිව් නම්. කෙසේ වෙතත් මෙමගින් පලමු දරුවාට විය හැකි හානිය අවමයි. මෙය වලක්වා ගැනීමට ඔබගේ රුධිරයේ ප්‍රතිදේහ මට්ටම පරීක්ෂා කර අවශ්‍යනම් ප්‍රතිදේහ නික්ෂෙපනය කිරීමක් සිදුකල හැකියි. නමුත් දැනට ලංකාවේ රජයේ රෝහල් වල ප්‍රසූතියට පෙර ප්‍රතිදේහ ඖෂධ ලබා දෙන්නේ නැහැ. ඔබගේ ප්‍රදේශයේ සායනයේ ලියාපදිංචිවී සති 12ක් පමණ වන විට රෝහලක සායනයකට යොමු වීම ප්‍රමානවත්.