නම: උද***� | වයස: 28
ගැටළුව

මම ඕ නෙගටිවි ලේ තිබෙන සති 3 ක අමිමා කෙනෙක් මම දැන්ම වෛද්‍යවරයකු හමුවන්න ඕනද?

පිළිතුර


රුධිර ගනය නෙගටිව් වීම දරුවාට බලපාන්නේ දරුවාගේ රුධිර ගනය පොසිටිව් නම් පමණයි. මෙය විය හැක්කේ ඔබේ සැමියාගේ රුධිර ගනය පොසිටිව් නම්. කෙසේ වෙතත් මෙමගින් පලමු දරුවාට විය හැකි හානිය අවමයි. මෙය වලක්වා ගැනීමට ඔබගේ රුධිරයේ ප්‍රතිදේහ මට්ටම පරීක්ෂා කර අවශ්‍යනම් ප්‍රතිදේහ නික්ෂෙපනය කිරීමක් සිදුකල හැකියි. නමුත් දැනට ලංකාවේ රජයේ රෝහල් වල ප්‍රසූතියට පෙර ප්‍රතිදේහ ඖෂධ ලබා දෙන්නේ නැහැ. ඔබගේ ප්‍රදේශයේ සායනයේ ලියාපදිංචිවී සති 12ක් පමණ වන විට රෝහලක සායනයකට යොමු වීම ප්‍රමානවත්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)