Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක් වුණාට පස්සේ ඔසප් නොවුණොත් ගැබ් ගෙනද?

No period after sex — does that mean pregnancy?

මාගෙ වයස අවුරුදු 20යි. මගෙ ප්‍රෙමවන්තයා සමග මා ලින්ගිකව එකතු ව්මෙන් පසුව මසක් ගිය පසුවත් මා හට මෙන්සස් හැදුනෙ නෑ. එය ගැබී ගැනිමක් ද? මා හට අවශය වනුයෙ එසෙ ගැබි ගතහොත් එය ප්‍රතිකාර මගින් නැති කිරිමට පුලුවන්ද? එ සදහා මා කුමක් කල යුතුද?

අසන ලද්දේ: Ak*** · වයස 20

අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. යම්කිසි අවස්ථාවක අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුනහොත් ඉන් දින 5ක් ඇතුලත ප්‍රතිකාර ගැනීමෙන් ගැබ් ගැනීමක් වලක්වා ගත හැකියි. නමුත් ඊට පසුව මෙම ප්‍රතිකාර සාර්තක වන්නේ නැහැ. ඔබ ගර්භණී දැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂණයක් හැකි ඉක්මනින් කර ගන්න. ගබ්සාව ලංකාවේ නීත්‍යානුකූල නොවන නිසා ප්‍රතිකාර මගින් දරු ගැබ නැති කිරීම සිදු කල නොහැකියි.