ප්‍රශ්නය
වෛද්‍ය තුමනි.මම මිට පෙරද ගැටලු ඉදිරිපත් කළ නමුදු පිලිතුරැ ලැබුනේ නෑ මට මෙයට පිලිතුරැ ලබා දෙන ලෙස කාරැණිකව බැගෑපත් වෙනවා...වෛද්‍ය තුමනි දැනට මම විවහා වි අවු.4ක් පමන වෙනවා..මගේ පළමු ගැබි ගැනිම සිදු වුයේ 2014.6.මාසයේ..නමුත් මට පොඩි රැදිර වහානයක් සිදු වෙලා..vog docktar කෙනෙක් හමු වුනා..වර්දනය අඩුවක් තියෙනවා කියලා සතියකින් එන්න කිවුවා..මට බොන්න විටමින් දුන්නා..නමුත් මට නැවති පොඩි රැදිර වහානයක් සිදු වුන නිසා..රෝහල් ගත වුනා.එහිදි කරන ලද ස්කෑන් එකේදි මගේ කුසේ දරැවකු නොමති බව පැවසුවා..මා නැවත චැනල් කරන ලද වෛද්‍ය වරයාගෙන් ස්කෑන් එකක් ඉල්ලා සිටියා..එහිදි පැවසුවෙි හොදින් වර්දනය වුන කළලය තියෙනවා කියලා..මට එදිනම රාතිුයේ දි ඇති වු ලොකු වෙිදනාවත් සමගම සමිපුර්ණ කලලයම වැටුනා..කිසිදු වෛද්‍ය වරයකුවත්..හෙදියක් වත් මා ගැන බැලුවෙි නෑ..ඔවුනේ රෝහලෙන් පිටව යන අවස්ථාවෙි ලියා තිබුන ටකටි එකේ මට කිසිම කලලයක් නොතිබුන බවටද සහාතික කරලා..වෛද්‍ය තුමනි මම නැවත දරැවකු බලා පොරොත්තු වුවද තවම නෑ..මගේ කිසිම ගැටලුවක් නෑ කියලා වෛද්‍ය වරයා පැවසුවද..ඩිමිබ මෙිරිමද සාර්ථකයි..මා හට දරැවකු ලබා ගැනිම සදහා කල යුත්තේ කුමක්ද..මට නැවත පිළිසිද ගැනිමක් සිදු වෙයිද..ඩිමිබය පිට වුනහම කොපමණ කාලයක් එය පවතිනවද..
පිළිතුර
ඔබ සඳහන් කර ඇති ඊමේල් ලිපිනය වැරදි නිසා කලින් ගැටළු වලට පිළිතුරු ඔබට නොලැබෙන්න ඇති. සියළු පරික්ෂණ වාර්තා සාමාන්‍ය වෙලත් ගැබ් ගැනීම පමා වෙන අවස්තා තිබෙනව. එවිට සුදුසු පරිදි ප්‍රතිකාර කල යුතුයි. ඩිම්බ පිටවූ විට පැය 24ක් පමණ තිබෙනව.