Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මට ලැපරෝස්කොපි පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා ඇති අතර එයට දින ලැබුණේ 2016.12.14ය. එනම්, මගේ සති 06ක පමණ කළලය මීට සති 02කට කලින් නැති වුණා. එහිදී කරන ලද ස්කෑන් පරීක්ෂණවලදී හඳුනා ගත් ආකාරයට වතුර ‍‍‍පිරුණු බෝලයක් වැනි දෙයක් ඇති බව හඳුනා ගත්තා. මෙවැනි තත්ත්වය තුළ මා නැවත ගැබ් ගැනීමක් සිදු වීම සුදුසුද? මගේ කලින් අවස්ථාවේ කළලය නැති වූයේ එම වතුර සහිත ගෙඩිය හේතුවෙන්ද?

අසන ලද්දේ: සං*** · වයස 30 · 391 views

පිළිතුර

කලින් සිදුවීමට හේතුව සොයා ගැනීමට අපහසුයි. බොහෝ විට මෙලෙස සඳහන් කරන්නට ඇත්තේ ස්කෑන් පරීක්ෂණයේදී ගර්භාෂය තුල කලලයක් නොමැතිව තරලය පමණක් පෙනීමට තිබූ අවස්ථාවක් විය යුතුයි. එය ඉදිරියේදී ගැබ් ගැනීමකට බලපෑමක් වෙන්නේ නැහැ.