ප්‍රශ්නය
AFI අගය 15.4ක් නම් වතුර වැඩිද? බබාට බලපානවද?
Is an AFI of 15.4 high, and does extra fluid affect the baby?
වෛද්‍ය තුමනි මම සති 21 ගැබිනියක්. මගෙ තුන්වන ස්කෑන් පරීක්ෂණයේ දී වතුර ප්‍රමානය (AFI) තිබුනේ 15.4 ලෙසටය. මෙම ප්‍රමානය වැඩිද? වැඩි නම් සාමාන්‍යයෙන් තිබිය යුත්තේ කොපමණ ප්‍රමානයක්ද? වතුර වැඩි වීම කුසේ සිටින දරුවාට බලපාන්නේ කෙසේද? වෛද්‍ය තුමනි මා හට පැහැදිලි පිලිතුරක් ලබා දෙන ලෙස ඔබ තුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
පිළිතුර
මෙම ප්‍රමාණය වැඩි නැහැ. නමුත් ස්කෑන් පරීක්ෂණයේ දී මෙම අගට අමතරව වෛද්‍ය වරයාට පෙනෙන ආකරය අනුව වතුර වැඩි බව පැවසීමට ඉඩ තිබෙනව. වතුර වැඩිවීමෙන් දරුවාට හානියක් නොවුනත් වතුර වැඩිවීමට හේතුව දරුවාගේ යම් අසාමාන්‍යතාවයක් විය හැකි නිසා ඒ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි