පුරුෂ මදසරුබව සොයා බලන ශුක්‍රාණු පරීක්ෂණය (SFA)

දරු ඵල ප්‍රමාද වෙන්න කාන්තාවගේ වගේම පුරුෂයාගේ රෝග තත්වයනුත් බලපානව. සාමාන්‍ය යෙන් 15% ක පමණ පිරිසකට මදසරු බව තිබෙන අතර ඉන් 1/3 කටම හේතුව පුරුෂයාගේ ශුක්‍රාණු වල ගැට‍ළුවක්. තවත් 1/3 කට හේතුව පැහැදිලිව සොයා ගන්න බැහැ. කාන්තාවගේ රෝග තත්වයන් ඉතිරි 1/3කට බලපානව.

පුරුෂයෙකුගේ සරු බව රඳා පවතින්නෙ ලිංගික එක්වීමේ දී පිටවෙන ශුක්‍ර තරලයේ අඩංගු වෙන ශුක්‍රාණු ප්‍රමාණය සහ ඒවායේ ගුණාත්මක බව මතයි. ඒ නිසා පුරුෂ මදසරු බව ඔබට ඇති දැයි සරල පරීක්ෂණයක් මගින් අනුමාන කරන්න පුළුවන්. මේ බව සොයා බැලීමට ප්‍රධාන වශයෙන් සිදු කරන පරීක්ෂාව තමයි Seminal Fluid Analysis (SFA). ශුක්‍රාණු පරීක්ෂාව නැතිනම් sperm test කියලා හඳුන්වන්නෙත් මෙම පරීක්ෂණයයි.

එහිදී ප්‍රධාන කරුණු තුනක් සොයා බලනව. ඒ එක වරක දී පිට වෙන ශුක්‍රාණු ප්‍රමාණය, ඒවායේ ස්වරූපය සහ චලනය වීමට ඇති හැකියාව කියන කරුණු තුනයි. පරීක්ෂණාගාරයේ දී අන්වීක්ෂයක් ආධාරයෙන් ශුක්‍ර තරලය පරීක්ෂා කර බලා මෙම වාර්තාව ලබා දෙනව.

sperm count
ශුක්‍රාණු ප්‍රමාණය
Sperm Morphology
ශුක්‍රාණු වල ස්වරූපය
Sperm Motility
චලනය වීමේ හැකියාව

ශුක්‍ර තරල පරීක්ෂණ වාර්තාවට අනුව ශුක්‍ර තරලය මිලි ලීටරයකට ශුක්‍රාණු මිලියන 15කට වඩා පවතී නම් එය සාමාන්‍ය ලෙස සලකනව. ඊට අමතරව එම ශුක්‍රාණු වල ගුණාත්මක බව පිළිබඳ වත් මෙම වාර්තාවෙ කරුණු අඩංගු වෙනව. මෙම සාමාන්‍ය වාර්තාවෙන් සොයා ගත නො හැකි සියුම් කරුණු රැසක් CASA නම් පරිඝනක ගත ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීමෙන් දැන ගන්න දැන් හැකියාව තිබෙනව.

ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීම සඳහා ශුක්‍රාණු සාම්පලයක් පරීක්ෂණාගාරයට ලබා දීම අවශ්‍ය වෙනව. ඊට පෙර දින 3ත් 10 ත් අතර කාලයක් ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටීම සුදුසුයි. ඉන් පසු රසායනාගාරයට ගොස් ඒ සඳහා ලබා දෙන භාජනයට ශුක්‍රාණු සාම්පලයක් ලබා දිය යුතුයි. මෙය රසායනාගාරය තුල දීම ලබා දීම වැදගත් වෙන්නෙ එසේ නැති නම් බාහිර පරිසරයට නිරාවරණය වීම නිසා ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු විය හැකි නිසයි. එවිට ලැබෙන වාර්තාව නිවැරදි නැහැ.

පලමු වරට පරීක්ෂා කරන විට ශුක්‍රාණු ප්‍රමාණයේ හෝ ගුණාත්මක බවේ ඇති වෙන අඩුපාඩු ඇති නම් කලබල විය යුතු නැහැ. එවැනි අවස්ථාවක මෙම පරීක්ෂණය නැවත සිදු කර බලන අතර, එවිට වාර්තාව සාමාන්‍ය විය හැකියි. ඒ නිසා මේ සඳහා ඖෂධ ලබා ගැනීම අවශ්‍ය නැහැ. දිගින් දිගටම වාර්තාව අසාමාන්‍ය වෙන විට දරු පිළිසිඳ ගැනීම සඳහා IUI/ IVF වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම අවශ්‍ය විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)