ප්‍රශ්නය
Doctor, dimbayak meriya utu awama pramanaya kumakda? (Ovidac)5000 injection eka denne kumak sadahada. eta 11days walin pasu blood test ekak karanne ai.
පිළිතුර
ඩිම්බ මේරීම පරීක්ෂාකර බලන්නේ ඩිම්බය වටා ඇතිවෙන තරල පිරුනු කෝෂයේ විශ්කම්භය මැන බැලීමෙන්. මෙය මිලි මීටර 20කට වැඩි නම් ඩිම්බය මෝරා ඇති ලෙස සලකනව. රුධිර පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඉන් බලන්නේ රුධිරයේ ප්‍රොජෙසටරෝන හෝමෝන මට්ටම. එය වැඩිවෙන්නේ ඩිම්බ මෝචනය සිදුවී ඇතිනම්.