Skip to main content
ප්‍රශ්නය

Yam kisi kanthwak pera masa kihipya thula pudgalayaku samaga lingika sabadathwayk pawathwa tibunada ynna daganima sadaha athi parikshanya kumakda

අසන ලද්දේ: Sn*** · වයස 31

එවැනි පරීක්ෂණයක් නැහැ. කන්‍යා පටලය පරීක්ෂා කිරීමෙන් ලිංගික එක්වීමක් සිදු වී ඇත්දැයි හරියටම පැවසීමට බැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. ඒ වගේම එක්වීමේදී එය ඉරී නොයන අවස්ථාත් තිබෙනව. ගැබ් ගැනීමක් හෝ ලිංගාශ්‍රිත ආසාදනයක් නොමැති නම් වෙනත් කිසිම පරීක්ෂණයකින් මෙය දැන ගන්න බැහැ.