Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ප්‍රමාද, පරීක්ෂාව නෙගටිව් නම් ආයෙ කරන්න ඕනද?

Period late but pregnancy test negative, should I test again?

ඩොක්ට අපි දරුවෙක් බලාපොරොත්තු ඉන්නේ මට පෙබරවාරි 07 පීරියට් හැදුනා ආයේ මාර්තු 15 පීරියට් හැදුනා නමුත් අප්‍රේල් වලට තාම හැදුනා නැහැ 04/25 මුත්‍රා පරීක්ෂාවක් කළා ඒක නෙගටිව් මට තේරෙන්නේ නැහැ නැවත පරීක්ෂාවක් කරන්න ඕනිද

අසන ලද්දේ: පව*** · වයස 36

ඔව්. සතියකට පසු නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඔබේ ඔසප් චක්‍රය දින 37ක් පමණ දිග නිසා ඩිම්බ පිටවීම ප්‍රමාද වී ඔසප් වීම තවත් ප්‍රමාද වෙන්න පුළුවන්. දිගටම ඔසප් වීම සිදු නොවෙන්නේ නම් වෛද්‍ය වරයෙකු හමුවන්න.