Skip to main content
ප්‍රශ්නය

ඇඟිල්ලක් ඇතුළු වුණොත් කන්‍යා පටලය කැඩෙනවද?

Does inserting a finger break the hymen?

ඩොක්ටර් ,මගේ යෝනි මාර්ගයට එක් වරක් ඇගිල්ලක් ඇතුල් වුණා නමුත් රුදිරය ආවේ නැ මට දැනගන්න පුලුවන්ද එයින් මගෙ කන්‍යාපටලය කැඩෙනවද කියල මට මේක මානසික වදයක්

අසන ලද්දේ: මල*** · වයස 23

කන්‍යා පටලය ඇදෙන සුළු නිසා ඇඟිල්ලක් ඇතුළු වීමෙන් එය ඉරී නොයන්න පුළුවන්. රුධිර වහනය වීම හෝ නොවීම මගින් කන්‍යා පටලයේ තත්වය දැන ගන්න බැහැ. කන්‍යා පටලය ඉරී ගියත් එය රෝගයක් හෝ හානියක් නොවෙයි. ඒ ගැන කලබල වෙන්න එපා.