Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු බඩ උඩට ගියොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant if semen fell on my stomach?

මගේ පෙම්වතා ඔහුගේ ශුක්‍රාණු මගේ බඩට දැම්මා. ඒ වේලාවේම එක පිහිදුවා. පැය 5කින් පස්සේ මම ඇගත් හේදුවා. මේකෙන් ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද මං අහන්නේ pregnant වෙන එකක්. මම දන්නවා pregnant වෙන්නනම් යොනී මාර්ගය හරහා ශුක්‍රාණු ඇතුල් වෙන්න ඕනි කියලා. ඒත් මට මේ ගැන බයයි මට මේකට උත්තරයක් දෙන්න වෛදයතුමනි

අසන ලද්දේ: D.*** · වයස 24

නැහැ. ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු නොවූ විට ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. බඩ මත පිටවූ ශුක්‍ර තරලයෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. ශුක්‍රාණු සිරුරෙන් පිටත ටික වේලාවකින් මිය යනව.