Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ප්‍රමාද නම් ඒක එන්න බෙහෙතක් ගන්න ඕනද?

Period is late, do I need a tablet to bring it on?

ඩොක්ට මම අවුරැදු 26ක ගෑනු ලමයෙක් මට අගෝස්තු මාසේ 10 මෙන්සස් උනා ඊට පස්සේ තාම උනේ නෑ මගෙ බඩ කොන්ද රිදෙනවා ඒත් මෙන්සස් උනේ නෑ මට මෙන්සස් වෙන්න ගන්න බෙහෙතක් කියන්න පුළුවන්ද ඩොක්ට

අසන ලද්දේ: Se*** · වයස 26

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. මුලින්ම ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ. ඉන් පසුවත් සිදු නොවුණොත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.