Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පරක්කුයි, මුත්‍රා පරීක්ෂණය නෙගටිව්. ගැබ් ගෙන ඇතිද?

Period late but pregnancy test negative, could I be pregnant?

ගිය මාසෙ 5 වෙනිද pireod හැදුන මේ මාසෙ 1,14 වෙනිද එකතු උනා. තාම හැදුන්නෑ දැන් දවස් 16 ක් පරක්කුයි.test එක negtiv අනේ ඇයි ඒ????pregnant වෙන්න ඉඩ තීනවද.දැන්ම ලමයෙක් හදාගන්න අමාරුයි

අසන ලද්දේ: Ma*** · වයස 20

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් බොහෝවිට ගැබ් ගෙන නැහැ. ඔසප් වීම ප්‍රමාද වෙන්නේ එම මාසයේ ඩිම්බ පිටවීම ප්‍රමාද වීම නිසා විය හැකියි. අවසන් ලිංගික එක්වීමෙන් සති 3කට පසු නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ගැබ් ගැනීමක් අවශ්‍ය නැති නම් සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.