Skip to main content
ප්‍රශ්නය

Letrozole ගත්තට පස්සේ Ovidac එන්නත ගන්න බැරි වුණා. හානියක්ද?

Missed the Ovidac injection after letrozole, is there any harm?

ඩොක්ටර්, මම නිසි පරිදි ඩිම්බ නොමේරීම නිසා වෛද්‍ය උපදෙස් මත Letov 5mg පෙති ලබා ගත්තා. නමුත් හදිසි කරදරයක් නිසා නියමිත දිනට Ovidac 5000 එන්නත ලබා ගැනීමට නොහැකි වුනා. එනිසා යම් අහිතකර බලපෑමක් ඇති වේවිද?. දැනට දින් 29ක් ගතවුනත් තවම මෙන්සස් සෑදුනේත් නැහැ. නමුත් pregnancy strip test එකත් negative.

අසන ලද්දේ: Pr*** · වයස 39

නැහැ. එන්නත නොගැනීමෙන් සිරුරට හානියක් වෙන්නෙ නැහැ. එන්නත නැතිවත් ඩිම්බය පිටවෙන අවස්ථා තිබෙන නමුත් ඩිම්බ පිටවීම සිදු නොවුණොත් ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. තව සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී ඊළඟ චක්‍රයේ ප්‍රතිකාර ගැන උපදෙස් ලබා ගන්න.