Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මගේ ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා මට ඩොක්ටර් Diane 35 දුන්නා...ඒක දවස් 21 බීලා දවස් 7 ක් බොන්නැතිව ආයෙ පටන් ගන්න කීවා..ඒත් මට ඔසප් උනේ නෑනේ මේ පාර...ද ආයෙත් පටන් ගත්තා බොන්න....

අසන ලද්දේ: Sh*** · වයස 25

මෙය සාමාන්‍ය තත්වයක්. හෝමෝන පෙති ගන්නා විට සමහර මාස වල දින 7 විවේකය තුල රුධිර වහනයක් සිදු නොවෙන්න පුළුවන්. ඉන් හානියක් නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කල පරිදි දිගටම ඖෂධ ලබා ගන්න. ලිංගික එක්වීමක් සිදු වී ඇති නම් සැකයක් ඇති විට මුත්‍රා පරීක්ෂා කර බලන්න.