Skip to main content
ප්‍රශ්නය

සති 3කදී ස්කෑන් එකකින් දරු ගැබ පේනවද?

Can a scan at 3 weeks of pregnancy show the baby?

මම සති 3 pregnancy එක චෙක් කරලා vog කෙනෙක් හමු උනා. මගේ දුබුරු පැහැයෙන් දවස් දෙකක් වගේ ලාවට පිට වෙලා තිබුනු නිසා. එහිදී doctor ස්කෑන් කල අතර ගර්භාෂය තුල මොකුත් දැක ගත නොහැකි වුනා. ඒ අනූව සති 3න් ස්කෑන් එකක් මගින් ගර්බාෂයේ කලලයක් සොයගන්න පුලුවන්ද. නැත්තම් වෙනත් හේතුවක්ද.

අසන ලද්දේ: Sh*** · වයස 29

බැහැ. සති 3කදී ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබ පෙනෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් සති 6ක් පමණ වන විටයි ගර්භාෂය තුල දරු ගැබ සහ හෘද ස්පන්දනය පෙනෙන්නේ. ඒ නිසා සති දෙකකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බලන්න. තද බඩේ වේදනාවක් හෝ රුධිර වහනය වැඩි වුණොත් වහාම රෝහලට යන්න.