Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා පරීක්ෂණ තුනක් නෙගටිව්, ඒත් ඔසප් වීම පරක්කුයි. ඇයි?

Three negative pregnancy tests but still no period, why?

මගේ සහකාරිය සමග ගිය මාසයේ 27 වෙනිදා ලිංගිකව එකතු උනා, නමුත් ඇතුලේ ශුක්‍රාණු පිටකරේ නැහැ, ඇයට මෙන්සස් හැදෙන්න තිබුනේ 15 වෙනිදා, නමුත් එදින මෙන්සස් හැදුනේ නැහෑ, ලිංගිකව එකතුවෙලා අදට දවස් 22ක් වෙනවා, මෙන්සස් හැදෙන්නෙ නැතුව අදට දවස් 7ක් වෙනවා, 15 වෙනිදා ඉදලා මේ වෙනකල් HCG ටෙස්ට් 3ක් කරා 3නම negative , ඒත් තවම එයාට මෙන්සස් හැදුනෙ නැහැ, මෙන්සස් හැදෙන්න වගේ බඩ ටිකක් රිදෙනවලු, එපමණයි . වෙන කිසිම අසනීපයක් , වෙනසක් නැහැ... ???? දෙසැම්බර් මාසයේ 15 වෙනිදා එයාට මෙන්සස් උනේ නැහැ, ජනවාරි මුල් සතියේ මෙන්සස් උනේ? මොකක්ද ප්‍රශ්නෙ කියලා හිතාගන්න බැහැ.

අසන ලද්දේ: Is*** · වයස 24

නැහැ. ලිංගික එක්වීමෙන් සති 3ක් ගත වී මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. ඩිම්බ පිටවීම නියමිත දිනට සිදු නොවීම නිසා ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. මාස තුනක් දක්වා ප්‍රමාද වීමෙන් හානියක් වෙන්නෙ නැහැ.