Skip to main content
ප්‍රශ්නය

මගේ ඔසප් වීම් දින 30කට වරක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ මා⁣සයේ පමණක් ඔසප් වීමේ දිනය පහු වුණා. අදට දින 9ක් වෙනවා. මම නිවසේදී ගර්භණී පරීක්ෂණය කළා. නමුත් negative පෙන්නන්නේ මන් 5 වතාවක් පමන පරීක්ෂණ කළා.යටි බඩ හිටපු ගමන් පොඩි වේදනාවක් දැනෙනවා ඒක ටාක වෙලාවකින් හරියනවා. බඩ පිරිලා වගේ දැනෙන්නෙ. මම නැවතත් පරීක්ෂණය කරන්න ඕන දින කීයකට පසුවද වෛද්‍ය තුමනි? මගේ අවසන් වරට ඔසප් වුණ දිනය 10 වන මාසේ 15 දින, අවසන් වුණේ 19 වන දාන. මේ මාසයේ හැදෙන්න තිබුණේ එනම් 11 වන මස 19 වන දින

අසන ලද්දේ: ගය*** · වයස 27

නෙගටිව් නම් බොහෝවිට ගැබ් ගෙන නැහැ. තව සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. ඔසප් වීම ප්‍රමාද වෙන්නේ එම මාසයේ ඩිම්බ පිටවීම ප්‍රමාද වීම නිසා විය හැකියි.