අධික ඔසප් වීමෙන් පසු ටෙස්ට් එකේ ලා ඉරක් පෙනුනොත් ගබ්සාවක්ද?
Is a faint test line after a heavy period a miscarriage?
මම මැරි කරලා අවු.5ක්....මට හරියට මෙන්සස් වෙන්නෑ....බබාලත් නෑ ....මේ 15 වෙනිදා මට මෙන්සස් වෙන්න ආවා....එදා රෑ හොදටම බඩ රිදෙන්න ගත්තා.....හොදටම යනවත් එක්ක....ටොයිලට් ගියාම කෑලි වගෙත් ගියා.....දවස් 5ක් විතර හොදටම මෙන්සස් උනා....මුල් දවසේ ඇග සීතල අරන් ගැහෙන්න ගත්තා සීතලක් අල්ලලා බඩේ අමාරුවත් එක්කම....අද නිකමට ස්ට්‍රිප් එකක් චෙක් කලා....උදේ වෙනසක් පෙනුන් නෑ.රෑ බලද්දී ඒ චෙක් කරපු එකම...ලාවට ඉරක් පේනවා ලා රෝස පාටට.....ඒ කියන්නෙ මට හම්බෙන්න ඉදලා බබෙක් නැති වෙලා........මට තියෙන ප්‍රස්නෙ දැන් මම මොකක්ද කරන්න ඕනේ .ඉක්මනට vog කෙනෙක් හම්බෙන්න ඕනද....මට මෙහෙම දෙයක් වෙලාම නෑ...ප්ලීස් මං මොකක්ද කරන්න ඕනේ කියලා කියනවද පිං සිද්ධ වෙයි.
පැය ගණනකට පසු පෙනෙන ලා ඉරක් පොසිටිව් ලෙස සලකන්න බැහැ. ඔසප් වීම අක්‍රමවත් වෙන විට වේදනාව සහ රුධිර කැටි සමග අධික ඔසප් වීමක් සිදු වෙන්න පුළුවන්. උණ, වේදනාව හෝ රුධිර වහනය දිගටම පවතීනම් ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවන්න. අවුරුදු 5ක් දරුවෙක් නැති නිසා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?