Skip to main content
ප්‍රශ්නය

එක්වීමක් හෝ ශුක්‍රාණු පිටවීමක් නැතුව ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant without intercourse or ejaculation?

ඩොක්ටර් ලිංගිකව එකතු විමක් හෝ අනෙක් එකාගේ ශුක්‍රානු යෝනියට හෝ කිසිම ලෙසක පිටවීමක් නොවී ගැබ් ගැනිමක් සිදුවිය හැකිද.මම බෝයිෆ්‍රෙන්ඩ් සමග ගමනක් යෑමට සිදුවිම නිසා රාත්‍රිය ඔහුගෙ ගෙදර ගත කරා එහෙත් කිසිම ලිංගික එක්වීමක් ශුක්‍රානු පිටවීමක් සිදු වුනේ නෑ.මම ඔහුවේ වස්ත්‍රයක් තම එදින ඇදන් සිටියේද.කිසිම ලෙසක ශුක්‍රානු පිට උනෙ නම් නැත.එහෙත් මගේ ඔපස් වීම ගිය මස 16 වනදා සිදුවුනා එහෙත් මේ මස තවම සිදු වුනේ නැත.මගේ 28 දිනකට වරක් නියමිත කලට ඔසප් වීම සිදුවන බවට මතකයක්ද නැත එය එක මස මුල නම් අනික් මස අග ලෙස අක්‍රමවත්ව සිදුවේ.මට මෙ තත්වය ගර්බනි නිස ඇතිවුවක් විය හැකිද.පිරිමි කෙනාගෙ ස්පර්ශයකදි ඔහුවේ අතෙහි හෝ තිබි ශුක්‍රානු අතුල් වුවාද නැතහොත් අර ඇදුමෙ තිබි එහෙම වුවාද.(දින 3 4ට පෙර ඇන්ද සෝදන ලද ඇදුමක්) බියක් දැනෙනවා මෙම බිය වීම නිසා ඔසප් ප්‍රමාද වෙනවාද නැතහොත් දැනට දවස් 12 වගේ වෙනවා මෙය සිදුවී.කිසිම බාහිර අමාරුවක් නැත එහෙත් කොන්ද කැක්කුමක් යටි බඩ වෙලාවකට කැක්කුමක් ඇතිවෙන්නෙ ඔසප් වීම අරම්බයට විය හැකිද.

අසන ලද්දේ: HA*** · වයස 20

නැහැ. ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වී නැති නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා මෙලෙස ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීමෙන් සිරුරට හානියක් වෙන්නෙ නැහැ.