Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පරක්කු, හැම ටෙස්ට් එකේම ලා ඉරක්: ගැබ් ගෙනද?

Period missed and a faint line on every test: am I pregnant?

ඩොක්ට මට පීරියඩ් හැඩුනෙ අවාසනෙට සැප්තැම්බර් 29 ඔක්තෝබර් 29මට හැදුනෙ නෑ යූරින් ටෙස්ට් කරාට එක ඉරයි තිබ්බෙ හැබැයි නොවැම්බර් 4.5 ටෙස්ට් කරද්දි යන්තම් පේන නොපෙනෙන තරමෙ ඉරක් ලාවට තියෙනවා තද ඉරකුත් එක්ක ටෙස් ගොඩක් කරා ඒ හැම එකකම ලා පාට ඉරක් පෙන්නනවා ගොඩක් අය කියන්නෙ ප්‍රෙග්නන්ට් නම් ඒ ඉරි දෙක තද පැහැයක් ගන්න ඕනි කියලා මට යටි බඩේ සාමාන්‍යෙන් වේදනාවක් ඇතිවෙනවා හැබැයි කෑම අරුචියක් නෑ හිසරදයක් උගුරට ටිකක් එන ගතියක් තියෙනවා ඒ ඇයි ඩොක්ට

අසන ලද්දේ: G.*** · වයස 22

ඉරි දෙකම එක ලෙස තද පාටින් තිබුණි නම් පමණයි පොසිටිව් ලෙස සලකන්නෙ. ලා පාට ඉරක් බොහෝවිට ඉතා මුල් අවස්ථාවේ ගැබ් ගැනීමක් නිසා විය හැකියි. සතියකින් නැවත උදේ මුල්ම මුත්‍රා වලින් පරීක්ෂා කර බලන්න. එසේ නැතිනම් රුධිර hCG පරීක්ෂණයකින් හරියටම දැන ගන්න පුළුවන්. යටි බඩේ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.