Skip to main content
ප්‍රශ්නය

පෙති වලින් ගබ්සා කළ පසු දිගටම ලේ යාම සාමාන්‍යද?

Is prolonged bleeding after an abortion with pills normal?

Doctor , මන් Abortion එකක් සිදු කලා Tablets මගින් ඉන් පසු ටික දවසක් යනකන් Bleeding එකක් තිබ්බා පසුව එය නැවතුනා.නැවත්ත් bleeding wenna පටන් ගත්තා .මට එය Menses වගේ තමා feel උනේ. නමුත් මට කලින් Menses හැදුනාම දින 5ක් 6ක් පමණ කාලයක් තියෙන්නේ දැනටත් bleeding එකක් සිදු වෙනවා Normally .මෙයට බෙහෙත් ගන්න අවශ්‍ය ද? මට මෙය නවතා ගැනීමට අවශයයි.

අසන ලද්දේ: ****

සතියකට වඩා දිගටම රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. ගැබේ කොටස් ඉතිරි වී තිබීම හෝ ආසාදනයක් නිසා මෙසේ විය හැකියි. ප්‍රමාද නොකර වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න. රුධිර වහනය අධික නම්, උණ හෝ තද වේදනාවක් ඇති නම් වහාම රෝහලට යන්න.