Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු පිටවූ පැය බාගයකින් එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can sex half an hour after ejaculation cause a pregnancy?

පිරිමියා ස්වයංවින්දනය කර ශුක්‍රානු පිටකර පැය බාගයකට පමන පසු තම ශිශ්නය යෝනියක් තුලට ඇතුලු කර සංසර්ගයෙ යෙදීමෙන් නොදැනුවත්ව ශුක්‍රානු යෝනිය තුලට ගමන් කර ගැබ් ගැනීමේ අවදානමක් පවතින්නේද

අසන ලද්දේ: Me*** · වයස 19

ඔව්. සුළු අවදානමක් තිබෙනව. ශුක්‍රාණු පිටවූ පසුත් මුත්‍රා මාර්ගය තුල ඉතිරි වෙන ශුක්‍රාණු ඊළඟ ලිංගික එක්වීමේදී පිටවෙන තරලය සමග යෝනි මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන්. ගැබ් ගැනීමට අවශ්‍ය වෙන්නේ එක් ශුක්‍රාණුවක් පමණයි. ඒ නිසා ගැබ් ගැනීමක් අවශ්‍ය නැති නම් කොන්ඩම් වැනි උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.