Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මන් කලින් 9cm වතුර ගෙඩියක් ඉවත් කලා. නමුත් ඔසප් චක්‍රය සාමාන්‍යයි. මෙම මස 11 වෙනි දින ලිංගිකව එකතුවීමෙන් පසු 19 දින ඔසප් වීමට නියමිත වූවත් එසේ නොවීය. 26 දින hcg test එක negative . යෝනි මාර්ගයේ ඇතුලත විවෘත වන ස්තානයේ ගෙඩියක්වනි දෙයක් ද ඇත . කොන්දෙ කැක්කුම් , උදරයේ වේදනා, ශරීරයට විවිධ අපහසුතා ද ඇත. මා ගැබ් ගෙන ඇත් ද? නැත්තම් වෙනත් රෝගීතත්වයක් ද? පෙබරවාරි මාසයේ ලැපරටොමිය සිදු කලේ ය. කිසිම දිනක ඔසප් චක්‍රය අසාමාන්‍ය නොවීය .

අසන ලද්දේ: ****

නෙගටිව් නම් බොහෝවිට ගැබ් ගෙන නැහැ. ඔසප් වීම තවදුරටත් ප්‍රමාද නම් සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. යෝනි විවරයේ ගෙඩියක් වැනි දෙයක් දැනෙනව නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.