Skip to main content
ප්‍රශ්නය

පරීක්ෂණය පොසිටිව් වී පසුව නෙගටිව් වුණොත් මොකද කරන්නේ?

What if a pregnancy test was positive and then negative?

මම විවාහ වෙලා අවුරුදු 2ක් පමණ වේ. මගේ අවසාන පීරීයඩ් දිනය 2024-07-11. දින 28 පසුව මම ගැබ් ගැනීමේ පටියකින් දින 3ක් පරීක්ෂා කලා, පොසිටිව් කියලා දැදැනගෙන 4වන දිනයේ සිට පරීක්ෂා කල විට නෙගෙටිව් කියලා තමා පෙන්නුවේ, මට තවමත් පීරීයඩ් හැදුනේ නැති නිසා, මම දැන් කල යුත්තේ කුමක්ද , මට දැන් සතියක් පමණ වෙනවා, පිළිතුරක් බලාපොරොත්තු වෙමි

අසන ලද්දේ: සා*** · වයස 33

නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඉරි දෙකම එක ලෙස තද පාටින් තිබුණි නම් පමණයි පොසිටිව් ලෙස සලකන්නෙ. පොසිටිව් වී පසුව නෙගටිව් වීම ඉතා මුල් අවස්ථාවේ සිදු වූ ගබ්සාවක් නිසාත් විය හැකියි. දිගටම ඔසප් වීම ප්‍රමාද නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.