Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම මාස 3–5කින් හැදෙන්නේ, බබාලා හදන්න බැරි වෙයිද?

Periods only every 3–5 months — is having a baby still possible?

ඩොක්ටර් මගේ වයස 25යි. මට menses හැදෙන එක ප්‍රමාද වෙනවා. මාස 3න් , 4න් ,5න් වගේ තමයි හැදෙන්නෙ. vog doctor කෙනෙක් හම්බවෙලා scan පරීක්ෂණයත් කරා docror කිව්වා ගැටළුවක් නැහැ කියලා. ඒත් මට බයයි ළමයි හදන්න බැරිවෙයිද කියලා අනේ ඩොක්ටර් විසදුමක් දෙනවද?

අසන ලද්දේ: Gi*** · වයස 25

ඔසප් වීම මාස තුනකට වඩා ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතුව ඩිම්බ නොමේරීමයි. දරුවෙකු අවශ්‍ය වන විට ඩිම්බ මේරීමට ඖෂධ මගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ශරීරයේ බර වැඩි නම් එය අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරය.