Skip to main content
ප්‍රශ්නය

මම විවාහ වී වසර 2ක් වෙනවා. මිස්කැරේජ් 4ක් උනා. සති 6න් හෝ 7න් තමයි මිස්කැරේජ් වෙන්නේ. ඒ හැම පාරම බබා සති ගානට වර්ධනය වෙලා නෑ කියලා කිව්වේ. මහත්තයාගේ දාතු පරීක්ෂණයකුත් මගේ ලේ පරීක්ෂණයකුත් කලා. නමුත් ඒවාගේ ගැටලුවක් ඇති බව කිව්වේ නෑ. මේ සදහා කල යුතු ප්‍රතිකාර මොනවා

අසන ලද්දේ: Ni*** · වයස 30

නැවත නැවත ගබ්සා වීමට හේතුව සොයා බැලීමට විශේෂ පරීක්ෂණ අවශ්‍ය වෙනව. රුධිර කැටි ගැසීමේ තත්වයක් (antiphospholipid syndrome), තයිරොයිඩ් ගැටළුවක් හෝ දෙදෙනාගේ වර්ණදේහ වල අසාමාන්‍යතාවයක් ඇති දැයි පරීක්ෂා කල යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.