ඩොක්ටර් මාසික ඔසප් වීමේදී රුධිරයේ පිටවීම අවසන් වන දිනයේ සිට මාගේ යටි බඩේ වම් පැත්ත අධික වේදනාවක් දැනේ. බොහෝ වේලාවට ගුද මාර්ගය සමඟ එම වේදනාව පැමිණෙයි. මාසිකව ඔසප් වීම නිසි පරිදි සිදුවේ. වෛද්යවරු බොහෝමයක් කිසිදු ලෙඩක් නොමැති බව පැවසුවත් එක් වෛද්යවරයෙකු ගරභාෂයේ වම් පැත්ත යම් තරමක් ඉදිමේ ඇති බවට පැවසුවේය. ඒ සඳහා ප්රතිකාර කළද තවම සුවයක් නොමැත.ප්රතිකාර වශයෙන් අවශ්ය හෝමෝන පෙති පෙති ලබා ගත්තෙමි. මෙය ඇතිවන්නේ ගරුකාශ බිත්ති ඉදීම නිසාද? එසේත් නැතිනම් වෙනත් හේතුවක් ද? ගර්භාෂ බිත්තියේ ඉදිමීමකදී ගුදමාර්ගය සමඟ වේදනාව පැමිණීම සාමාන්ය තත්ත්වයක් ද? මෙමගින් කුමන බලපෑමක් ඇතිවේද? කළ යුත්තේ කුමක්ද?
මෙම රෝග ලක්ෂණ එන්ඩොමෙට්රියෝසිස් වැනි තත්වයක් නිසා විය හැකියි. ස්කෑන් පරීක්ෂණයකින් එය බොහෝවිට හඳුනා ගන්න බැහැ. ලැපරොස්කොපි පරීක්ෂණයකින් පමණයි එය සැක හැර දැන ගත හැක්කේ. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?