Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු පිට නොවී ස්පර්ශ වීමෙන් පමණක් ගැබ් ගන්න පුළුවන්ද?

Can touching without ejaculation make me pregnant?

මාගේ පෙම්වතියට මෙවර ඔසප් වීම ප්‍රමාද වී තිබෙනවා..අවසන් වරට ඔසප් වී දැනට දින 34ක් වෙනවා..ඇය කන්‍යාවියක්..නොවැම්බර් මස 12 වන දින අප ලිංගික එක්වීමක් සිදු උනා..මෙහිදී ඇයගේ යෝනි මාර්ගයේ කන්‍යා පටලය අසලට ලිංගේන්ද්‍රය ස්පර්ශවීමක් සිදු උනා..නමුත් ශුක්‍රානු පිටවීමක් සිදු උනේ නෑ..වෛද්‍යතුමනි මෙහිදී ගැබ් ගැනීමක් සිදු වී ඇත්ද පරීක්ශා කරගන්නේ කෙසේද..ඔසප් චක්‍රය නිසිආකාරව සිදු නොවීම නිසා අප දෙදෙනාම දැඩි බියකින් පසුවෙනවා..ඔබතුමාගෙන් මෙයට ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

අසන ලද්දේ: ****

ශුක්‍රාණු පිටවීමක් සිදු නොවී ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. සැකය දුරු කර ගැනීමට මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.