Skip to main content
ප්‍රශ්නය

සරු කාලයේ Postinor ගත්තා, ඩිම්බය පිටවෙලා නම් තව මොකද කරන්නේ?

Took Postinor in the fertile time — what else can stop pregnancy?

ඩොක්ටර් මම අවිවාහකයි.මම ඊයේ දින(2023.10.21) මගේ පෙම්වතා සමග සංසර්ගයේ යෙදුනා.මම ඊයේ දිනම postino 2 පාවිච්චි කලා.නමුත් මෙමෙ දවස් මගෙ ඔසප් චක්රයේ සරුම කාලයයි.postino 2 පෙති වලින් ඩිම්බ මෝචනය ප්‍රමාද කරන බව සදහන් වේ. මම එම පෙති ලබා ගත්තද ඩිම්බයක් මේ වන විටත් පිටවී තිබුනහොත් මම ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට කුමක් කල යුතුද?එවැනි ඩිම්බ මෝචනය සිදු වන කාලයේදී සංසර්ගයේ යෙදුනහොත් ගත යුතු වෙනත් පෙති වර්ගයක් තිබේද? අනේ docter හැකි ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්න.????

අසන ලද්දේ: Th*** · වයස 28

වෙනත් පෙති වර්ගයක් නැහැ. Postinor ක්‍රියා කරන්නේ ඩිම්බ පිටවීම ප්‍රමාද කිරීමෙන් නිසා ඩිම්බය දැනටමත් පිටවී ඇති නම් ඉන් ප්‍රයෝජනයක් නැහැ. නමුත් ලිංගික එක්වීමෙන් දින 5ක් ඇතුලත වෛද්‍ය වරයෙකු ලවා උපත් පාලන ලූපයක් (Copper IUD) යෙදවීමෙන් ගැබ් ගැනීම වලක්වා ගන්න පුළුවන්. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.