Skip to main content
ප්‍රශ්නය

මගේ ඔසප් වීම අක්‍රමවත් .මේ සදහා නාරිවේද සායනයකට යොමු වුනා.සියලු පරීක්ෂණ වලින් පසුව docter la පැවසුවේ ශරීරයේ බර වැඩි නිසා එසේ වන බව.මේ සදහා metformin 500mg tablet මාස 02 උදේ ,දිවා රාත්‍රි පාවිච්චි කරන්න නිර්දේශ කරා .මේ ඖෂධය දියවැඩියාව සදහා ලබා දෙන ඖෂධයක් නිසා නිරෝගි කෙනෙකු මෙම ඖෂධය ලබා ගැනීම සුදුසු ද.ශරීරය ට මෙම ඖෂධය මගින් හානියක් සිදු වෙන් නැද්ද ඩොක්ටර් .

අසන ලද්දේ: ****

මෙට්ෆෝමින් දියවැඩියාව නැති අයටත් PCOS වැනි තත්වයන් සඳහා ලබා දෙනව. ඉන් සිරුරට හානියක් වෙන්නෙ නැහැ. නමුත් මෙයට හොඳම ප්‍රතිකාරය ව්‍යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කර ගැනීමයි. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.