Skip to main content
ප්‍රශ්නය

මා පෙම්වතා සමග කොන්ඩම් බාවිත කර ලිංගික ප්‍රදෙශ ගාවමින් හැසිරුනා. නමුත් ඇතුලටම ඇතුල් කරෙ නෑ..එ මොහොතෙ ශුක්‍ර පිටවීමක් සිදු උනෙත් නෑ . හිතෙ බයක් තියනව... එහෙම ප්‍රග්නට් වෙන්න පුලුවන්ද .

අසන ලද්දේ: ****

නැහැ. කොන්ඩමයක් සමග ශුක්‍ර තරලය පිට නොවී යෝනි මාර්ගය තුලට ඇතුළු නොවී ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ගැබ් ගැනීමට ශුක්‍රාණු කිසියම් ආකාරයකින් යෝනි මාර්ගය තුලට ඇතුළු විය යුතුයි. නියමිත දිනට ඔසප් වීම සිදු වුණොත් සැකයක් තබා ගන්න අවශ්‍ය නැහැ.