ජූනි 25 දක්වා මාසික ඔසප් වීම නිවරදිව සිදුවිය. නමුත් ජූනි 25 සිට මේ දක්වා මාසික ඔසප් වීම සිදු නොවීය. Scan ඒකක් මගින් පරීක්ෂාවක් සිදුකර ගත්තත් දරු පිළිසිද ගැනීමක් සදහන් නොවන අතර ගෙඩියක් වැනි අතුරු ගැටලුවක් නොමැති බව ද වෛද්යවරයා පැවසීය. නමුත් Pregnancy's Strip ඒක දමා මුත්රා සාම්පලයක් පරීක්ෂා කල විට ඒහි ඒක් line ඒකක් පමණක් රතු විය. මා ඉදිරියට කුමක් කල යුතුද
මාස තුනක් දක්වා ඔසප් වීම ප්රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ. මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් සහ ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් මෙයට හේතුව බොහෝවිට ඩිම්බ මේරීම ප්රමාද වීම. තවත් මාස දෙකකින් ඔසප් නොවුනොත් තයිරොයිඩ් සහ ප්රෝලැක්ටින් හෝමෝන පරීක්ෂා කර ගැනීමට වෛද්ය වරයෙකු හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?