Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකට පසු ඔසප් වීමට පෙර ඩිම්බයක් පිට වෙනවද?

Can you ovulate after a miscarriage before the first period?

Doctor, මට මිස්කැරේජ් එකක් වුනා සති 7 දවස් 5න්. ඒක වෙලා අදට දින 14ක් වෙනවා. කම්ප්ලීට් මිස්කැරේජ් එකක් නිසා වොෂ් කලේ නැහැ. මට දැන ගන්න ඕනේ මිස්කැරේජ් එකෙන් පස්සේ මෙන්සස් හැදෙන්න කලින් ඩිම්බයක් පිටවෙනවද? පිටවෙනවානම් නැවත මේ මාසෙම දරුවෙක් බලාපොරොත්තුව එක වුනාට කමක් නැද්ද කියන එකයි.

අසන ලද්දේ: Th*** · වයස 31

ඔව්. ගබ්සාවකට පසු ඔසප් වීමට පෙර ඩිම්බයක් පිට වෙන්න පුළුවන්. දින ගණනය කිරීමට පහසු නිසා එක් ඔසප් වීමක් සිදු වන තුරු බලා සිට නැවත උත්සාහ කිරීම සුදුසුයි. නමුත් ඊට පෙර ගැබ් ගත්තත් ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. ෆෝලික් ඇසිඩ් දිගටම ලබා ගන්න.