Skip to main content
ප්‍රශ්නය

මා හට අක්‍රමවත් ඔසප්වීමක් ඇත . දැනට මාස 3 ක පමණ සිට ඔසප්වීම සිදුවී නැත මෙම තත්වය හරියන තෙක් මා හට ගැබ්ගැනීමට හැකියාවක් ඇත්ද ? නැද්ද ?

අසන ලද්දේ: මෙ*** · වයස 24

පුළුවන්. නමුත් ඔසප් වීම මාස ගණනක් ප්‍රමාද වෙන විට බොහෝවිට ඩිම්බ මේරීම නිසි ලෙස සිදු වෙන්නෙ නැති නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. මුලින්ම ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. දරුවෙකු අපේක්ෂා කරනව නම් ඩිම්බ මේරීම පරීක්ෂා කර අවශ්‍ය නම් ඖෂධ මගින් උත්තේජනය කරන්න පුළුවන්.