Skip to main content
ප්‍රශ්නය

කොන්ඩම් දාලත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් ගැබ් ගෙනද?

Am I pregnant if a urine test is positive despite using a condom?

ඩොක්ටර් මට අන්තිමට පීරියඩ්ස් හොද උනෙ අප්‍රේල් 28.මැයි 6 අපි ලිංගිකව එකතු උනා නමුත් කොපු බාවිතා කලා.මැයි 20 මෙන්සස් හැදෙන්න දින තිබුනා ඒත් හැදුන් නෑ මට වමනෙ යාම හැර අනිත් හැම ප්‍රෙග්නන්සි ලක්ශනයක්ම තියෙනවා දෙපාරක් යූරීන් ටෙස්ට් කරා දෙකම පොසිටිව්.දැන් දින 22ක් පරක්කුයි..මට මේ ගැටලුවට පිලිතුරක් ලබා දෙන්න පුලුවන්නම් ඔබ තුමාට බොහොම පින්????????

අසන ලද්දේ: ****

මුත්‍රා පරීක්ෂණ දෙකම පොසිටිව් නම් ඔබ ගැබ් ගෙන තිබෙනව. කොන්ඩමයක් නිසි ලෙස භාවිතා නොවූ විට හෝ පිපිරුණු විට ගැබ් ගැනීමක් සිදු විය හැකියි. දරු ගැබ ගර්භාෂය තුල පිහිටා ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.