ගැබ් ගෙල දුර්වල නිසා බබාලා නැති වුණත් බබෙක් හදන්න පුළුවන්ද?
Can you have a baby after late losses from a weak cervix?
Doctr, මගෙ බබාල 3 පාරක් සති 17+න් සාමාන්‍ය කැක්කුම් හැදිල හම්බ උනා. වතුර බෑගය කැඩී ගියා දෙපාරක්. එක් වතවක් බඩ කැක්කුම හින්ද රෝහල්ගත උනාට පසු කිව්වා ඕපන් වෙලා කියල. 3වන වර මැහුම දාල තියෙද්දී කැක්කුම්ක් ආව නිසා රෝහල්ගත උනා දවස් 2ක්ට පසු වතුර බෑගය කැඩී ගිය. දින 4ක් බබා හොඳින් ඉදල අමාරු වෙලා හම්බුනා. වෛද්‍යවරුන් පවසන්නෙ ගැබ්ගෙල ශක්තිමත් මදි කියල. මට බබෙක් හදා ගන්න බැරිද
පුළුවන්. ගැබ් ගෙල දුර්වලතාවය නිසා දරුවන් අහිමි වූ බොහෝ මව්වරුන්ට ඊළඟ ගර්භණී සමයේ සති 12ත් 14ත් අතර මැහුමක් යොදා ගැබ් ගෙලේ දිග ස්කෑන් පරීක්ෂණ මගින් නිතර බලා ගැනීමෙන් දරුවෙකු ලබා ගන්න හැකියි. යෝනි මාර්ගයෙන් යෙදූ මැහුම අසාර්ථක වූ විට උදරය හරහා යොදන මැහුමක් ගැන සලකා බලන අවස්ථා තිබෙනව. ඊළඟ ගැබ් ගැනීමට පෙර නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සැලසුමක් සකස් කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?