Skip to main content
ප්‍රශ්නය

පවුලේ ජානමය රෝගයක් නිසා ගැබක් ඉවත් කරන්න පුළුවන්ද?

Can a pregnancy be ended for a genetic illness in the family?

මට අවුරුදු 2ක බබෙක් ඉන්නනවා.දුවක් එයා ඉපදුනු වෙලාවෙ පපුවේ සිදුරක් තිබුනා. මගේ සහෝදරයන් දෙදෙනෙකු ජානමය අසනීපයෙන් ඉන්නේ එක් සහෝදරයෙක් මිය ගිහින් . මට නැවත දරුවන් හදන්න එපා යැයි පැවසු නිසා මන් මිතුරී පෙති පාවිච්චි කරත් නැවත මා ගැබ් ගෙන තිබෙනවා. දරුවෙකු ජීවත් කරවන්න වත් කමක් මට නෑ කලලය නැති කිරීමට විසදුමක් නැතිද ඩොක්ටර්

අසන ලද්දේ: එච*** · වයස 31

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. පවුලේ ජානමය රෝග නිසා මෙම දරු ගැබ ගැන ඉක්මනින් ඔබේ වෛද්‍ය වරයා හමුවී අවශ්‍ය පරීක්ෂණ කරවා ගන්න. ඉදිරියට ගැබ් ගැනීම වැළැක්වීමට පෙති වෙනුවට ලූපයක් හෝ හෝමෝන කරලක් වඩා සාර්ථකයි.