Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක් නොවී ස්පර්ශයකින් විතරක් ගැබ් ගන්න පුළුවන්ද?

Can touching alone, without intercourse, cause pregnancy?

මම සහ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලින්ගිකව එක් වී නැහැ ..නමුත් මාසයේ සරු දින ආසන්න දවසකදී අප දෙදෙනා හමු වූ අවස්තාවක ට පසු දින සිට ඇය අප හමු වූ දිනට පසු දින සිට යටි බඩෙහි යම් වේදනාවක් දැනී තිබුනා..අප ලින්ගිකව එක් වූයේ නැති නිසා ඇය ඒ පිලිබදව වැඩි සැලකිල්ලක් දක්වා නැහැ..ඇය දවස් ඵකට පසු මේ පිලිබදව මා දැනුවත් කරා.. ඒ
ආසන්න ප්‍රදේශයේ තැවරීමකින් ගර්බනී විය හැකි බවද දැනුවත් උනා...මේ ගැන සොයා බැලීමේදී යූටියුබ් වල ඇති පූර්ව ගර්බනී ලක්ශන සමහරකුත් ඇයට තිබෙන බව ඇය පවසා සිටියා...මෙම අවස්තාවේ කල යුතු දෙයක් පිලිබද අදහසක් නොමැතිව අප බොහෝ අසරන වී තිබෙනවා...අප දෙදෙනාම මෙම වසරේ උසස් පෙල විබාගයට පෙනී සිටින හොදින් වැඩ කටයුතු කරගෙන යන දෙදෙනෙක්..අපිට දරුවෙකු හදාගැනීමට කිසිසේත්ම හැකියාවක් නැහැ..මේ පිලිබදව කාවටත් කොයන්නත් බෑ..එය් අපේ ජීවිතවලට හානියක් වන නිසා...ගොඩක් අසරන වෙලා ඉන්නෙ කරුනාකර උපදෙසක් ලබාදෙන්න...දැන් අප හමු වූ දින සිට සතියක් පමන වෙනවා..

අසන ලද්දේ: ****

ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වී නැති නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. යටි බඩේ වේදනාව ගැබ් ගැනීමක ලක්ෂණයක් නොවෙයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.